ලෝකේ අටවෙනි පුදුමය ලෙසින් විරුධාවලිය ලබන සීගිරිය නිර්මාණය කරන්නේ කාශ්‍යප රජතුමා විසිනි.

ශ්‍රී ලංකාවේ රාජකීය මෞර්ය රාජවංශයේ දෙවන රජ වන කාශ්‍යප රජු ක්‍රි.ව. 473 සිට 495 දක්වා රට පාලනය කළ ශ්‍රී ලංකාවේ රජෙකි. මොහු තම රාජ්‍යත්වය අත් කර ගනු ලබන්නේ මිගාර සෙනෙවියාගේ උපකාරයෙන් තම පියා වන ධාතුසේන රජු ඝාතනය කිරීමෙනි.හෙළ කුලසිරිතට අනුව සිංහාසනය උරුම වූයේ උභයකුල පාරිශුද්ධත්ව‍ය හිමි වූ මුගලන් කුමරුටය. මින් කෝපයට පත් මුගලන් කුමරු දකුණු ඉන්දියාවට පලා ගියේය.මුගලන් වෙනුවෙන් ධාතුසේන රජු ධනය තැන්පත් කර ඇතැයි කාශ්‍යපට කියමින් මිගාර ධාතුසේන රජු කෙරෙහි තවදුරටත් භේද ඇති කළේය.


තැන්පත් ධනය ගැන කාශ්‍යප ප‍්‍රශ්න කළ විට ධාතුසේන රජු කියා සිටියේ ඒ ධනය කලා වැව බවයි. ඉන් කිපුණු කාශ්‍යප සිය පිය රජු නිරුවත් කොට කලා වැවේ බැම්මට තබා මැටිගස්සවා මරා දැමීමට නියෝග කළේය. සිය පියා මැරූ පලිය ගැනීමට සහෝදරයා වූ මුගලන් කුමරු අනාගතයේ දී යුද්ධයට එතියි යන බියෙන් කාශ්‍යප සීගිරිය බළකොටු රාජ්‍යය ගොඩනැගූ බව ඉතිහාසයේ සදහන් වේ.



උපත - ක්‍රි.ව 448

පියා - ධාතුසේන රජු

මව  -  ධාතුසේන රජුගේ රාජකීය උපභාර්යාවකි

සහෝදරයන් -  මුගලන්  

බිරිඳ - 

දරුවන් - 

කාල පරාසය - ක්‍රි.ව 473- 495 

රජකම් කල කාලය වසර - 18