අනුලා දේවිය අවුරුදු පහක කාලයක් තුළ සිව් දෙනෙකු හා සරණ ගියාය. ඔවුන් සියලු දෙනාටම වස දී මරුමුවට පත්කර රාජ්‍ය බලය ලබා ගෙන තම අභිමතය පරිදි පාලනය ගෙන ගියාය. ඇය විසින් පසුව වස දී මරවන ලද මාලිගාවේ ආරක්ෂකයා, තිස්ස, පළමුවෙනි ශිව වශයෙන් ක්‍රි..පූ. 47 සිට අවුරුද්දකුත් මාස දෙකක් රට පාලනය කළේය. මෙම කාලය තුළ වටුක නම් දෙමළ වඩු කාර්මිකයෙකු රැජිණගේ අවධානය දිනාගත්තේය. පළමුවැනි ශිවට වස පොවණු ලැබීය. අනුලා දේවිය වටුක විවාහ කර ගත්තාය. ඔහුද පාලනය කළේ අවුරුද්දකුත් මාස දෙකක් පමණි.
අනුලාගේ ආදරය ඉන්පසු යොමු වූයේ දාරුබතික නම් දැව ගෙනියන්නෙකු වෙතය. අනතුරුව වටුක හදිසියේම මිය ගියේය. අනතුරුව අනුලා ඇයගේ හොර සැමියා හා විවාහ වූවාය. මෙම විවාහය ඇයගේ විවාහයන් අතුරින් හද සසල කරවන එකක් වූයේ තම සැමියා අඩු කුලයේ කෙනෙකු වීම හේතුවෙනි. දාරුබතික, තිස්ස නම් වූ රාජකීය නාමය පවරා ගත්තද ඔහුට පැවතිය හැකි වූයේ අවුරුද්දකුත් මාස එකක කාලයක් පමණි. ඔහුට වස දෙනු ලැබිණි. ඔහුගෙන් පසු අනුප්‍රාප්තිකයා වූයේ නිලියා නම් වූ දෙමළ බ්‍රාහ්මණයෙකි. ඔහු අනුලාගේ අන්තිම වල්ලභයා විය. ඔහුගේ පාලනය මාස හයකට සීමා විය. අනුලාගේ ජීවිතයේ අවසාන මාස 4 අනුලා අග රැජිණ වී මාළිගයේ රැකවලුන් තිස් දෙනෙකු සමග සතුට විඳිමින් රට පාලනය කළාය.


0 Comments